යෙදුමෙන් කියවන්න

ධොවන සුත‍්තං

388
389

10. 3. 1. 7.

10. 3. 1. 7.

ධොවන සුත‍්තං

ධෝවන සූත්‍රය

[සාවත්‍ථි]

[සැවැත්]

අත්‍ථි භික‍්ඛවෙ දක‍්ඛිණෙසු ජනපදෙසු ධොවනං නාම තත්‍ථ හොති අන‍්නම‍්පි පානම‍්පි ඛජ‍්ජම‍්පි භොජ‍්ජම‍්පි ලෙය්‍යම‍්පි පෙය්‍යම‍්පි නච‍්චම‍්පි ගීතම‍්පි වාදිතම‍්පි. අත්‍ථෙතං භික‍්ඛවෙ ධොවනං, නෙතං නත්‍ථීති වදාමි. තඤ‍්ච ඛො එතං භික‍්ඛවෙ ධොවනං හීනං ගම‍්මං පොථුජ‍්ජනිකං අනරියං අනත්‍ථ සංහිතං, න නිබ‍්බිදාය න විරාගාය න නිරොධාය න උපසමාය න අභිඤ‍්ඤාය න සම‍්බොධාය න නිබ‍්බානාය සංවත‍්ත ති.

මහණෙනි, දක්‍ෂිණජනපදයෙහි ධෝවන නම් නැකැත් කෙළියෙක් ඇත. මහණෙනි, එ නකත් කෙළියෙහි අන්න හා පාන හා ඛාද්‍ය භෝජ්‍ය හා ලෙහ්‍ය හා පෙය හා නෘත්‍ය හා ගීත හා වාදිත්‍ර හා වෙයි. මහණෙනි, තෙල ධොවනය ඇත් මැයි. තෙල නැතැයි නො ම කියමි. මහණෙනි, තෙල ධොවනය හීනය, ග්‍රාම්‍යය, පුහුදුනන් අයත්ය, අනාර්‍ය්‍යය, අනර්‍ත්‍ථ ඇසුරු කෙළේය. නිර්වේදය සඳහා නො වෙයි, විරාගය සඳහා නො වෙයි, නිරෝධය සඳහා නො වෙයි, ක්ලේශව්‍යුපශමය සඳහා නො වෙයි. අභිඥා සඳහා නො වෙයි, සම්බෝධිය සඳහා නො වෙයි, නිර්‍වාණය පිණිස නො වැටෙයි.

390
391

අහඤ‍්ච ඛො භික‍්ඛවෙ අරියං ධොවනං දෙසිස‍්සාමී. යං ධොවනං එකන‍්තනිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති. යං ධොවනං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති, ජරාධම‍්මා සත‍්තා ජරාය පරිමුච‍්චන‍්ති, මරණධම‍්මා සත‍්තා මරණෙන පරිමුච‍්චන‍්ති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්ති. තං සුණාථ, සාධුකං මනසිකරොථ, භාසිස‍්සාමී ති. එවං භන‍්තෙ ති ඛො තෙ භික‍්ඛු භගවතො පච‍්චස‍්සොසුං භගවා එතදවොච:

මහණෙනි, මම ද යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදය පිණිස, විරාගය පිණිස, නිරෝධය පිණිස, ව්‍යුපශමය පිණිස, අභිඥා පිණිස, සම්බෝධිය පිණිස, නිර්‍වාණය පිණිස වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්හු ජාතියෙන් මිදෙත් නම් ජරාස්වාභාව ඇති සත්හු ජරායෙන් මිදෙත් නම්, මරණස්වාභාව ඇති සත්හු මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය උපායාස සැහැවි කොට ඇති සත්හු ශෝක, පරිදේව, දුක් දොම්නස් දැඩි ආයාසයෙන් මිදෙත් නම්, එබඳු ආර්‍ය්‍ය ධොවනයක් දෙසන්නෙමි. එ අසව, මොනොවට මෙනෙහි කරව, කියනෙමි යි. ‘එසේය, වහන්සැ’යි එ මහණහු භාග්‍යවත්හට පිළිවදන් ඇස්වූහ. භගවත්හු තෙල වදාළහ:

කතමඤ‍්ච තං භික‍්ඛවෙ අරියං ධොවනං යං ධොවනං එකන‍්ත නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යං ධොවනං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති, ජරාධම‍්මා සත‍්තා ජරාය පරිමුච‍්චන‍්ති, මරණධම‍්මා සත‍්තා මරණෙන පරිමුච‍්චන‍්ති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්ති.

මහණෙනි, යම් ධොවනයක් ඒකාන්ත නිර්වේදයට විරාගයට, නිරෝධයට, ව්‍යුපශමයට, අභිඥාවට, සම්බෝධයට, නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිධර්‍ම සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාධර්‍ම සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණධර්‍ම සත්ත්‍වයෝ මරණින් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාස ධර්‍ම සත්ත්‍වයෝ සෝක, පරිදේව, දුඃඛ, දෞර්‍මනස්‍ය, උපායාසයෙන් මිදෙත් නම්, එ ආර්‍ය්‍යධොවනය කවර යත්:

සම‍්මාදිට‍්ඨිකස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාදිට‍්ඨි නිද‍්ධොතා හොති, යෙ ච මිච‍්ඡා දිට‍්ඨිපච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, තෙ චස‍්ස නිද‍්ධොතා හොන‍්ති. සම‍්මාදිට‍්ඨිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති.

මහණෙනි, සම්‍යක්දෘෂ්ටිකයා විසින් මිථ්‍යාදෘෂ්ටිය නිරවශේෂයෙන් දෝනාලදු වෙයි. මිථ්‍යාදෘෂ්ටිප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලාමක අකුශලධර්‍මයෝ උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිරවසෙස්නෙන් දෝනාලදහ. සම්‍යග්දෘෂ්ටි ප්‍රත්‍යයෙන් නොයෙක් කුශලධර්‍මයෝ ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.

සම‍්මාසඞ‍්කප‍්පස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාසඞ‍්කප‍්පො නිද‍්ධොතො හොති -පෙ- සම‍්මාවාචස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාවාචා නිද‍්ධොතා හොති -පෙ- සම‍්මාකම‍්මන‍්තස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාකම‍්මන‍්තො නිද‍්ධොතො හොති -පෙ- සම‍්මා ආජීවස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාආජීවො නිද‍්ධොතො හොති -පෙ- සම‍්මා වායාමස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාවායාමො නිද‍්ධොතො හොති -පෙ- සම‍්මාසතිස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාසති නිද‍්ධොතා හොති -පෙ- සම‍්මාසමාධිස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාසමාධි නිද‍්ධොතො හොති -පෙ- සම‍්මාඤාණස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාඤාණං නිද‍්ධොතං හොති -පෙ- සම‍්මා විමුත‍්තිස‍්ස භික‍්ඛවෙ මිච‍්ඡාවිමුත‍්ති නිද‍්ධොතා හොති. යෙ ච මිච‍්ඡාවිමුත‍්ති පච‍්චයා අනෙකෙ පාපකා අකුසලා ධම‍්මා සම‍්භවන‍්ති, තෙ චස‍්ස නිද‍්ධොතා හොන‍්ති. සම‍්මාවිමුත‍්තිපච‍්චයා ච අනෙකෙ කුසලා ධම‍්මා භාවනා පාරිපූරිං ගච‍්ඡන‍්ති.

මහණෙනි, සම්‍යක්සංකල්ප ඇත්තහු විසින් මිථ්‍යාසංකල්පය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්වාක් ඇතියහු විසින් මිථ්‍යාවචනය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්කර්‍මාන්ත ඇතියහු විසින් මිථ්‍යාකර්‍මාන්තය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යගාජීව ඇත්තහු විසින් මිථ්‍යාආජීවය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්ව්‍යායාම ඇත්තහු විසින් මිථ්‍යාව්‍යායාම නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්ස්මෘති ඇතියහු විසින් මිථ්‍යාස්මෘතිය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යක්සමාධි ඇත්තහු විසින් මිථ්‍යාසමාධිය නිර්ධෞත වෙයි. … මහණෙනි, සම්‍යග්ඥානය ඇතියහු විසින් මිථ්‍යාඥානය නිර්ධෞත වෙයි. ... මහණෙනි, සම්‍යග්විමුක්ති ඇත්තහු විසින් මිථ්‍යාවිමුක්තිය නිර්ධෞත වෙයි. මිථ්‍යාවිමුක්ති ප්‍රත්‍යයෙන් යම්බඳු නොයෙක් ලමු අකුසල් දහම්හු උපදනාහු නම් ඔහු විසින් ඔහුදු නිර්ධෞත වෙත්. සම්‍යග්විමුක්ති ප්‍රත්‍යයෙන් නොයෙක් කුසල් දහම්හු ද භාවනායෙන් පරිපූර්තියට යෙත්.

392
393

ඉදං ඛො තං භික‍්ඛවෙ අරියං ධොවනං, යං ධොවනං එකන‍්ත නිබ‍්බිදාය විරාගාය නිරොධාය උපසමාය අභිඤ‍්ඤාය සම‍්බොධාය නිබ‍්බානාය සංවත‍්තති, යං ධොවනං ආගම‍්ම ජාතිධම‍්මා සත‍්තා ජාතියා පරිමුච‍්චන‍්ති, ජරාධම‍්මා සත‍්තා ජරාය පරිමුච‍්චන‍්ති, මරණධම‍්මා සත‍්තා මරණෙන පරිමුච‍්චන‍්ති, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා සත‍්තා සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසෙහි පරිමුච‍්චන‍්තී ති.

මහණෙනි, යම් ධොවනයෙක් ඒකාන්ත නිර්වේදයට - විරාගයට නිරෝධයට - ව්‍යුපමශයට - අභිඥාවට - සම්බෝධියට නිර්‍වාණයට වැටේ නම්, යම් ධොවනයකට පැමිණ ජාතිස්වභාව ඇති සත්ත්‍වයෝ ජාතියෙන් මිදෙත් නම්, ජරාස්වභාව ඇති සත්ත්‍වයෝ ජරායෙන් මිදෙත් නම්, මරණස්වභාව ඇති සත්ත්‍වයෝ මරණයෙන් මිදෙත් නම්, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාස සැහැවි කොට ඇති සත්ත්‍වයෝ ශෝක, පරිදේව, දුක්, දොම්නස්, දැඩි ආයාසයන්ගෙන් මිදෙත් නම්, එ යයි.