යෙදුමෙන් කියවන්න

අනාගතඤාණකථා

218
219

5. 8.

5. 8.

අනාගතඤාණකථා.

අනාගතඤාණකථා

[අනාගතය අන්තර අනන්තර විසින් දෙවැදෑරුම් වෙයි. එහි අනන්තර අනාගතයෙහි එකැතින් මැ ඤාණයෙක් නැත. එසේ මැ ඒකවීථි එකජවන පර්‍ය්‍යාපන්න අනාගතයෙහිදු නැත. අන්‍ධක ආදි යම් නිකායවාසී කෙනෙක් නිර්විශේෂයෙන් හැම අනාගතයෙහි මැ ‘ඥාන’ ඇති යි කියත් ද උන්ගේ වාද බිඳුනට අනාගතඤාණකථා එයි.]

1. ස. පු: අනාගතෙ ඤාණං අත්‍ථී’ති.

1. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතං මූලතො ජානාති, හෙතුතො ජානාති, නිදානතො ජානාති, සම‍්භවතො ජානාති, පභවතො ජානාති, සමුට‍්ඨානතො ජානාති, ආහාරතො ජානාති, ආරම‍්මණතො ජානාති, පච‍්චයතො ජානාති, සමුදයතො ජානාතී’ති.

ස. අනු: (තොප ගත් අනාගත ඥානයෙන් අනන්තර අනාගතය මූලාදි වශයෙන් දත හෙන්නේ දැ යි සොයන්නට ප්‍රශ්න නඟයි.) ඒ අනාගතය මූල වශයෙන් දන්නේ ද, නිදාන වශයෙන් දන්නේ ද, සම්භව වශයෙන් දන්නේ ද, ප්‍රභව වශයෙන් දන්නේ ද, සමුත්‍ථාන වශයෙන් දන්නේ ද, ආහාර වශයෙන් දන්නේ ද, ආරම්මණ වශයෙන් දන්නේ ද, ප්‍රත්‍යය වශයෙන් දන්නේ ද, සමුදය වශයෙන් දන්නේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අනාගතෙ ඤාණං අත්‍ථීති.

2. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාගතං හෙතුපච‍්චයතං ජානාති, ආරම‍්මණපච‍්චයතං ජානාති, අධිපතිපච‍්චයතං ජානාති, අනන‍්තරපච‍්චයතං ජානාති, සමනන‍්තරපච‍්චයතං ජානාතී’ති.

ස. අනු: අනන්තරානාගත චිත්තය ඇසුරු කළ හේතුප්‍රත්‍යයතාව දන්නේ ද, ආලම්බනප්‍රත්‍යයතාව දන්නේ ද, අධිපතිප්‍රත්‍යයතාව දන්නේ ද, අනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද, සමනන්තරප්‍රත්‍යයතාව දන්නේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අනාගතෙ ඤාණං අත්‍ථී’ති.

3. ස. පු: අනාගතයෙහි ඥානයෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

220
221

ස. අනු: ගොත්‍රභුනො පුග‍්ගලස‍්ස සොතාපත‍්තිමග‍්ගෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: ගෝත්‍රභූපුද්ගලයාට සොවත්මගෙහි ඥානයෙක් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සොතාපත‍්තිඵලසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස සොතාපත‍්තිඵලෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට සෝවත්ඵලයෙහි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත‍්තසච‍්ඡිකිරියාය පටිපන‍්නස‍්ස පුග‍්ගලස‍්ස අරහත‍්තෙ ඤාණං අත්‍ථී’ති.

ස. අනු: සෙදගැමි … අනගැමි … රහත්ඵල පසක් කරන්නට පිළිපන් පුද්ගලයාට රහත්ඵලයෙහි ඥානය ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ප. පු: න වත‍්තබ‍්බං අනාගතෙ ඤාණං අත්‍ථී’ති.

4. ප. පු: ‘අනාගතයෙහි ඥානය ඇති’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “පාටලීපුත‍්තස‍්ස ඛො ආනන්‍ද තයො අන‍්තරායා භවිස‍්සන‍්ති: අග‍්ගිතො වා උදකතො වා මිථුභෙදා වා”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො”ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “ආනන්‍දය පැළලුප්නුවරට අන්තරායයෝ තිදෙනෙක් වෙති: වහ්නියෙන් හෝ උදකයෙන් හෝ මිථුභේදයෙන් හෝ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. නිග: තෙන හි අනාගතෙ ඤාණං අත්‍ථී’ති.

ප. නිග: එ කරුණින් ‘අනාගතයෙහි ඥානය ඇත’ යි (දෙසූ සූත්‍රය හැම තන්හි අනාගතඥානයට සාධක නො වනුයෙන් මෙහි අසාධක යි.)

අනාගතඤාණකථා නිට‍්ඨිතා.

අනාගතඤාණකථා නිමි.